ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි

කඳානේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 11-06-2019 | 11:02 AM
COLOMBO (News 1st): කඳාන, වීදිය මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බව ය. කඳාන ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.