by Staff writer 11-06-2019 | 9:31 AM
COLOMBO (News 1st): අමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මේ මස අගදී ශ්රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ලබන 24 වැනිදා ත් 30 වැනිදා ත් අතර කාලය තුළ ඔහු මෙරටට පැමිණෙනු ඇති බව ය.
අමෙරිකානු රාජ්ය ලේකම්වරයා මෙම දින කිහිපය ඇතුළත ඉන්දියාව, ශ්රී ලංකාව, ජපානය සහ කොරියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
නිදහස් සහ විවෘත ඉන්දීය පැසිෆික් කලාපයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ඔහු මෙම සංචාරයේ නිරතවන බව රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.