වෛරීසහගත ප්‍රකාශ නිරීක්ෂණයට පොලිස් ඒකකයක්

සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රකාශ 90ක් විමර්ශන සඳහා CIDයට

by Staff writer 10-06-2019 | 9:05 AM
COLOMBO (News 1st) : සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ නිකුත්වූ අවස්ථා 90 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි. Facebook, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර ගැටලු ඇතිවන අයුරින් නිකුත් කෙරෙන වෛරීසහගත ප්‍රකාශ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ද පිහිටුවා තිබේ.