සක්විතිට ඇප

වසර 10 කට පසු සක්විති රණසිංහ ඇපමත මුදා හරී

by Staff writer 10-06-2019 | 5:30 PM

COLOMBO (News 1st) - රුපියල් කෝටි 162 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 10 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ අද ඇපමත මුදා හැරිණි.

ඔහු ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමෙන් තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩු 03 ක ප්‍රධාන විත්තිකරු වේ. 2009 වසරේ සැප්තැම්බර් මාසයේ වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සත්විති රණසිංහ මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය. අද දින කොළඹ මහාධිකරණය නියෝග කළේ, රුපියල් ලක්ෂ 06 ක මුදල් ඇප සහ රුපියල් එක් කෝටි දස ලක්ෂයක ශරීර ඇපකරුවන් 06 දෙනෙකු මත විත්තිකරු මුදා හැරීමටයි. නඩුව සැප්තැම්බර් 12 වැනි දින යළි කැඳවීමට නියමිත වේ.