පළාත් රැසකට අද ත් තද වැසි

කැස්බෑවට මිලිමීටර් 107ක වර්ෂාපතනයක්

by Staff writer 10-06-2019 | 7:58 AM
COLOMBO (News 1st) : අද උදෑසන 6.30 න් අවසන්වූ පැය 24 තුළ මිලිමීටර් 107 ක් වූ වැඩිම වර්ෂාපතනය කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ මිලීමීටර් 100 ක වර්ෂාපතනයක් ද කොළඹින් මිලිමීටර් 73 ක වර්ෂාපතනයක් ද වාර්තාවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වාවූ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි. දිවයිනට උතුරු, දකුණ සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීම තවදුරටත් අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළා ය.