ගුවන්තොටුපොළ පර්යන්තයට දෑමු සීමාවන් ලිහිල් කෙරේ

කටුනායක ගුවන්තොට පර්යන්තයට අමුත්තන් දෙදෙනෙකු රැගෙන යාමට අද සිට අවසර

by Staff writer 10-06-2019 | 5:06 PM

COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළ ඇතුළුවීමේ සහ පිටවීමේ පර්යන්තයට මගියෙකුට අමුත්තන් දෙදෙනෙකු බැගින් රැගෙන ඒමට අද සිට අවසර ලබාදී තිබේ.

පසුගිය අප්‍රේල් 21 වැනි දා ප්‍රහාරවලින් පසු ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණෙන මගීන්ට අමුත්තන් රැගෙන යෑම සීමා කෙරුණි. නමුත් මේ වන විට පවතින ආරක්ෂත තත්ත්වය මත කටුනායක ගුවන්තොටුපොළ ඇතුළුවීමේ සහ පිටවීමේ පර්යන්තයට මගියෙකුට අමුත්තන් දෙදෙනෙකු බැගින් රැගෙන ඒමට අවසර හිමි වන බව ගුවන්තොටුපොළ කළමණාකරු ගාමිණි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.