අනුරාධපුර රෝහල් සේවක පිරිසක් සේවාවලින් ඉවත් වෙති

අනුරාධපුර රෝහල් සුළු සේවක පිරිසක් රාජකාරිවලින් ඉවත් වෙති

by Staff writer 10-06-2019 | 1:06 PM
COLOMBO (News 1st) : අනුරාධපුර රෝහලේ සුළු සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත්ව තිබේ. සේවකයින් පැවසුවේ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් තමන් රාජකාරියෙන් ඉවත්වූ බවයි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසුවේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට අදාළ සේවකයින් කැඳවා ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් මෙතෙක් නොපැමිණි බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.