ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 3 කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 3 කින් ඉහළට

by Staff writer 10-06-2019 | 8:22 PM

COLOMBO (News 1st)  - අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00 කින් වැඩිකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි. නමුත් මිල සුත්‍රය යටතේ මිල සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4 න් 3 කම මිල මෙවර සංශෝධනය කර නොමැත. මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට ඇති බවයි. එම මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.