සුඩානයේ අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවාහැරීමට කඳුළුගෑස් ප්‍රහාර

සුඩානයේ අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවාහැරීමට කඳුළුගෑස් ප්‍රහාර

සුඩානයේ අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවාහැරීමට කඳුළුගෑස් ප්‍රහාර

කර්තෘ Staff writer

10 Jun, 2019 | 7:45 am

COLOMBO (News 1st) : සූඩාන ආරක්ෂක අංශ එරට විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ ප්‍රහාර එල්ලකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඛාටෝම් අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා සූඩාන හමුදාව මෙම පියවර ගෙන ඇති බවයි.

ඊයේ විරෝධතාවලින් පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනයට ලක්වූ බව සූඩාන විපක්ෂයට සම්බන්ධ වෛද්‍යවරු පවසති.

සිවිල් පාලනයක් ඉල්ලා සූඩාන ජනතාව මෙලෙස විරෝධතාවල නිරත වීම හමුවේ , එරට හමුදාවට රට පාලනය කිරීම දුෂ්කර වී ඇතැයි සඳහන් ය.

මීට පෙර ඛාටෝම් නුවර විරෝධතාකරුවන් සිටි කඳවුරකට එල්ලවූ හමුදා ප්‍රහාරවලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමුදා පාලනයට එරෙහිව විරෝධතාවල නිරතවීමට නියමිතව සිටි සූඩානයේ විදුලි බල  ,ගුවන් තොටුපළ සහ බැංකු සේවකයන් රැසක් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි .

රටපුරා ක්‍රියාත්මක වන විරෝධතාවලට සහභාගී වීමෙන් තොරව වෘත්තියේ නිරතවන ලෙස ඔවුන්ට තර්ජන එල්ලවන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය .

කෙසේ වෙතත් සූඩානය පාලනය කරන හමුදා කවුන්සිලය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් පළකර නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]