මංතීරු නීතිය හෙට සිට අකුරට

හෙට සිට මංතීරු නීතිය දැඩිවෙයි.. සහන කාලය අද මැදියම් රැයෙන් අවසන්...

by Staff writer 09-06-2019 | 6:15 PM
COLOMBO (News 1st) : මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට හෙට සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, පසුගිය 18 වන දා සිට දිවයින පුරා මංතීරු නීතිය ක්‍රියාත්මක බවයි. නමුත් රියැදුරන්ට එදින සිට අද දිනය දක්වා සහන කාලයක් ප්‍රකාශයට පත් කළේ ය.