සයින්දමරුදු බෝම්බ පිපිරීම: DNA වාර්තා ලබන සතියේ

සයින්දමරුදුහි බෝම්බ පුපුරවා ගත් අයගේ DNA වාර්තා ලබන සතියේ අධිකරණයට...

by Staff writer 09-06-2019 | 7:28 AM

COLOMBO (News 1st) - කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවා ගනිමින් සියදිවි හානිකරගත් පිරිසගේ අස්ථි කොටස් උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන ඩි.එන්.ඒ පරීක්ෂණවල වාර්තා ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බෝම්බ පුපුරවා ගැනීමෙන් මියගිය පුද්ගලයින්ගේ ඩි.එන්.ඒ පරීක්ෂණ සඳහා ලබාගත් සාම්පල පාරිසරික හේතු මත නරක්වීම හේතුවෙන් නැවතත් එම සාම්පල ලබා ගැනීමට සිදු වූ බවයි. ඒ අනුව අදාළ සාම්පල පෙරේ දා දිනයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් මාර්ගයෙන් ලබාදෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත භාර දී තිබේ. අදාළ ඩි.එන්.ඒ වාර්තා අධිකරණයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරදීමට නියමිතයි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, මෙම ඩි.එන්.ඒ පරීක්ෂණ මගින් බෝම්බ පුපුරවා ගැනීමෙන් මියගිය මොහොමඩ් සහරාන් හා ඔහුට ඥාති සම්බන්ධතා ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට සැලසුම් කර ඇති බවයි.