මාලදිවයිනේදී මෝදිගෙන් ත්‍රස්තවාදය ගැන ප්‍රකාශයක්

"ලෝකයට ඇති ප්‍රබලම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය සහිත ත්‍රස්තවාදයයි" - නරේන්ද්‍ර මෝදි

by Staff writer 09-06-2019 | 8:07 AM

News 1st - වර්තමානයේ ලෝකයට ඇති ප්‍රබලම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය සහිත ත්‍රස්තවාදය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමිනි. දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි සිය මංගල විදෙස් සංචාරය අරඹමින් ඊයේ පස්වරුවේ මාලදිවයිනට ළඟා විය. භාරතයේ නව නායකයා ලෙස විදෙස් රටකදී පවත්වන සිය මංගල දේශනය ඔහු ඉදිරිපත් කළේ සිය මව්භාෂාව වන හින්දි භාෂාවෙන්වීම ද විශේෂත්වයකි.