by Staff writer 09-06-2019 | 4:27 PM
COLOMBO (News 1st) : ගාල්ල, මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපතිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිගෞරවනීය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නායක ස්වාමින්වහන්සේ අද අලුයම අපවත් වූහ.
1924 වසරේ පල්ලත්තරදී උපත ලැබූ උන්වහන්සේ, මුල්කිරිගල රජමහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වූයේ 1941 වසරේදීයි.
අපවත්වන විට සුමනජෝති හිමියන් 95 වැනි වියේ පසුවූහ.
උන්වහන්සේ මුලගිරි මහා විහාර වංශය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණ ආදී ග්‍රන්ථ රැසක් රටට දායද කළහ.
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන් රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වන්නේ 2012 ජනවාරි 4 වැනිදායි.
ආදාහන පූජෝත්සවය ලබන බදදා පස්වරු 3ට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.