දිස්ත්‍රික්ක කිහිපයකට අද ත් තද වැසි...

දිස්ත්‍රික්ක කිහිපයකට අද ත් තද වැසි...

by Staff writer 09-06-2019 | 7:09 AM

COLOMBO (News 1st) - කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේ, දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද තවදුරටත් පවතිනු ඇති බවයි. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට පැයට කිලෝමීටර් 60 - 65 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ ය.