අගමැති මෝදි වික්ෂ නායකවරයාත් හමුවෙයි

අගමැති මෝදි වික්ෂ නායකවරයාත් හමුවෙයි

by Staff writer 09-06-2019 | 8:36 PM
COLOMBO (News 1st) : ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අද දිවයිනෙන් පිටත්වීමට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා දෙමළ ජාතික සන්ධානය නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හමුවිය. ටිවිටර් පණිවිඩයක් නිකුත් කරන ඉන්දීය අග්‍රමාත්‍යවරයා පවසන්නේ ත්‍රස්ථවාදය පිටුදැකීම,ආරක්ෂක කටයුතු මෙන්ම ආර්ථික සංවර්ධනයේදි දෙරට අතර සමීප සබදතාවයක් පැවතිමේ අවශ්‍යතාවය පිළිබඳව විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කළ බවයි. මේ අතර දෙමළ ජාතික සන්ධානය සමග ද ඉන්දීය අග්‍රමාත්‍යවරයා අද පස්වරුවේ සාකච්ඡාවල නිරත විය. එහිදි ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ කටයුතුවලට ඉන්දියාවේ මැදිහත් වීම ඉදිරියටත් අවශ්‍ය බව සිය කණ්ඩායම පෙන්වා දුන් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා නිවුස් ෆස්ට් වෙත සඳහන් කළේ ය.