English
தமிழ்
කර්තෘ Staff writer
09 Jun, 2019 | 6:23 pm
COLOMBO (News 1st) : අමෙරිකානු ප්‍රහාර ජෙට් යානා සහ S-400 වර්ගයේ රුසියානු මිසයිල නාශක පද්ධතිය යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස අමෙරිකාව තුර්කියට දැනුම්දී තිබේ.
මෙම විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීම සඳහා අමෙරිකාව , තුර්කියට ලබාදී ඇති අවසන් කාලසීමාව ලබන ජූලි 31 වනදායි.
තුර්කි ආරක්ෂක ලේකම්වරයා වෙත අමෙරිකානු ආරක්ෂක ලේකම් පැට්රික් ෂැනහන් මෙය ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම ආරක්ෂක ගනුදෙනුව සම්බන්ධයෙන් අමෙරිකාව සහ තුර්කිය මාස ගණනාවක සිට දැඩි අර්බුදයකට මැදිව සිටී.
අමෙරිකාව පවසන්නේ තුර්කියට අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා සහ රුසියානු S-400 මිසයිල නාෂක පද්ධතිය යන දෙකම මිලදී ගත නොහැකි බවයි.
දැනටමත් අමෙරිකානු F-35 එස් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා සියයක් මිලදී ගැනීම සඳහා තුර්කිය අමෙරිකාව සමග ගිවිසුමකට එළැඹ සිටී.
අමෙරිකාව අනතුරු අඟවා ඇත්තේ රුසියානු මිසයිල නාශක පද්ධතිය මිලදී ගතහොත් , මෙම ප්‍රහාරක ජෙට් යානා සැපයීම නතර කරන බවයි .
එමෙන්ම එම ප්‍රහාරක යානා සඳහා තුර්කි ගුවන් නියමුවන්ට ලබාදෙන පුහුණුව නතරක කරන බවට ද අමෙරිකාව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
09 Dec, 2019 | 07:04 PM
07 Dec, 2019 | 08:59 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS