ලෝක කුසලාන තරග බිම අද ත් උණුසුම් වෙයි

ලෝක කුසලාන තරග බිම අද ත් උණුසුම් වෙයි

by Staff writer 08-06-2019 | 2:15 PM

COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තව ත් තරග දෙකක් අද පැවැත්වේ.

ඒ, බංග්ලාදේශය හා එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය හා නවසීලන්තය අතරයි. බංග්ලාදේශ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය දිවා තරගයක් ලෙස කාඩිෆ්හි සොෆියා ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායම සහා බංග්ලාදේශ කණ්ඩායම තරග 3 කදී එකිනෙකා හමුව ඇති අතර ඉන් තරග 2 ක් බංග්ලාදේශය ජය ගන්නා විට අනෙක් තරගය එංගලන්ත කණ්ඩායම ජය ගෙන තිබේ. කෙසේ වෙතත් පසුගිය 2011 වසරේ සහ 2015 වසරේදී ලෝක කුසලාන තරගාවලිවලදී එංගලන්තයට එරෙහිව ජය වාර්තා කිරීමට සමත් වුනේ බංග්ලාදේශයයි. මෙවර තරගාවලියේ 13 වන තරගය වන ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ටොවුන්ටන්හි කවුන්ටි ග්‍රවුන්ඩ්හිදීයි පැවැත්වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙම කණ්ඩායම් ද්විත්වය එකිනෙකා හමුවන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ ය.