පකිස්ථාන අගමැතිගෙන් ඉන්දීය අගමැතිට ලිපියක්

පකිස්ථාන අගමැතිගෙන් ඉන්දීය අගමැතිට ලිපියක්

by Staff writer 08-06-2019 | 8:23 AM

News 1st - පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ මගින් කාශ්මීර ගැටලුව ඇතුළු දෙරට අතර උද්ගතවී තිබෙන අර්බුධකාරි වාතාවරණයන් සම්බන්ධයෙන් සාකච්ඡාමය විසඳුමකට එළඹීමේ වැදගත්කම පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ද මෙම ලිපිය මගින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් එක්කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වන තෙක් ඉන්දියාව මෙම ලිපිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර මීට පෙර ඉන්දීය බලධාරීන් නිවේදනය කළේ, කජිගිස්ථානයේදී පැවැත්වෙන කලාපිය සමුළුවකදී ඉන්දු පකිස්ථාන රාජ්‍ය නායකයින් අතර කිසිදු ද්විපාර්ශවිය හමුවක් නොපැවැත්වෙන බවයි. ඉන්දීය රජය යටතේ පවතින කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර පසුගිය පෙබරවාරි මාසයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළුන් 40 දෙනෙකු මරණයට පත්වීමත් සමග දෙපාර්ශව අතර සබඳතා ගැටුම්කාරි තත්ත්වයකට පත් විය.