COLOMBO (News 1st) : 'රට වෙනුවෙන් එකට සිටිමු' මුලතිව් දිස්ත්‍රික් සමාප්ති වැඩසටහන අද මුලතිව් ප්‍රාදේශිය සභා ක්‍රීඩාගණයේදී පැවැත්විය.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
'රට වෙනුවෙන් එකට සිටිමු' වැඩසටහනේ සිව්වන අදියර පසුගිය 3 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 6 ක ග්‍රාමසේවා වසම් 136 ක් ආවරණය වන ලෙස ව්‍යාපෘතිය 1178 ක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 52කට අධිකයි.
මෙම උත්සවයේදී දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම, නව ප්‍රතිලාභින් සඳහා සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ජනධිපතිවරයා අතින් සංකේතවත් කෙරිණ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, බෙදීම්වලින් තොරව සියලු දෙනා එක්ව සිටිය යුතු බවයි.
"රට වෙනුවෙන් මෙහෙම එකට සිටිමු කියලා මාතෘකාවක් තේමාවක් සටන් පාඨයක් ඇයි ඉදිරිපත් කළේ? රට වෙනුවෙන් එකට නැති නිසා.රට එකට සිටින්නට නම් මේ රටේ විශේෂයෙන්ම නායකත්වය ගත යුත්තේ කවුද? මේ රටේ මහා සංඝ රත්නය සියලු බේදීම්වලින් තොරව එකට සිට රට එකට එකතු කරන්න උන්නාන්සේලා නායකත්වය ගන්න ඕන. හින්දු ඉස්ලාම් කතෝලික ඒ සියලුම පූජකතුමන්ලා එකට සිටින්න ඕන. සමාවෙන්න ඕන මම මෙහෙම කිව්වට. නමුත් ඒ අය යම් විදියක්. ඉතින් රට එකට සිටින්නේ කොහොමද? මම මේ කතා කරන්නේ ඡන්ද ගන්න බලාගෙන නෙමේ. මම කතා කරන්නේ රට එකට සිට ගන්නයි. නමුත් රට එකට සිටිමු කිව්වම එකට සිට ගන්නේ නැති අයත් ඉන්නවා. මේ අවුරුද්ද අවසානයේ මේ රටේ ඡන්දයක් තියෙනවා. අද හුග දෙනෙක් වැඩ කරන්නේ ඒ ඡන්දෙ ඉලක්ක කරගෙන. අන්තවාදය හා ත්‍රස්තවාදය බෝම්බ පුපුරවන්නේ විනාස කරන්නේ රටවල් බෙදන්න කඩන්න විනාස කරන්න. ඔවුන්ගේ ඉලක්කය අද ලංකාවේ සාර්ථක වෙලා තියෙනවා. ඇයි ඒ ? දේශපාලඥයෝ ඔක්කොටම කලින් රට බෙදනවා ජාතීන් විදියට. මේක මේ රටේ විනාසයක්. මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න එපා."