දිස්ත්‍රික්ක 7 කට ඩෙංගු අවදානමක්...

දිස්ත්‍රික්ක 7 කට ඩෙංගු අවදානමක්...

by Staff writer 08-06-2019 | 8:00 AM

COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසුවේ, මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. ඩෙංගු මදුරුවන් වඩාත් සක්‍රිය වන්නේ පෙරවරු 6 - 11 ත් අතර කාලයේදී සහ පස්වරු 3 ත් රාත්‍රී 7 ත් අතර කාලයේදී ය. එම කාලය තුළ දිග ඇඳුම් ඇදීම සහ මදුරු විකර්ශක ආලේප සමෙහි ගැල්වීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.