ජාතික පොසොන් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ජාතික පොසොන් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 08-06-2019 | 3:00 PM
COLOMBO (News 1st) : ලබන 13 වන දා සිට ජාතික පොසොන් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම කාලය තුළ නිවාසවල බෞද්ධ කොඩි ඔසවා ආගමික කටයුතුවලට මුල් තැන දී කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි. ජාතික පොසොන් සතියේ සමාරම්භය සනිටුහන් කරමින් සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරිත් සඡ්ඤායනා පැවැත්වෙනු ඇති.