ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 08-06-2019 | 6:30 AM

දේශීය පුවත්

1. නැගෙනහිර පර්යන්තය කැබිනට් පත්‍රිකාව හැදුවෙත් ඉන්දියාවෙන් ද?: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය. 2. සේවයේ නිරත කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන බව ජනපති කියයි: පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 3. ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමේ සීමා සඳහන් කරමින් කථානායකට ලිපියක්: ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමට ඇති සීමා පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා යැවූ ලිපිය කථානායකවරයාට ලැබී තිබේ. 4. සයින්දමර්දුහි බෝම්බ පුපුරවාගත් පිරිසගේ සිරුර යළි ගොඩගනී: කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගනිමින් සියදිවි හානිකරගත් පිරිසකගේ සිරුරු ඊයේ නැවත ගොඩගැනිණ.

විදෙස් පුවත්

5. තෙරේසා මේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, ඊයේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය.