අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළට...

by Staff writer 08-06-2019 | 12:36 PM

COLOMBO (News 1st) - අධිවේගී මාර්ග දඩ මුදල් ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී ය. ඒ අනුව වේග සීමාවන්ට අදාළ දඩ මුදල් මෙසෙය... වේග සීමාව 100 - 120 අතර නම් දඩය රු.3000 - රු.5000 වේග සීමාව 120 - 130 අතර නම් දඩය රු.5000 - රු.10000 වේග සීමාව 130 - 150 අතර නම් දඩය රු.10000 - රු.15000 වේග සීමාව 150 ඉක්ම වූ විට දඩය රු. 25000 බවත් ය.