අකුරැස්සේ බස් අනතුරකින් මගීන් 17කට තුවාල

අකුරැස්සේ බස් අනතුරකින් මගීන් 17කට තුවාල

by Staff writer 08-06-2019 | 5:13 PM
COLOMBO (News 1st) : අකුරැස්ස, හුලංදාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, නතර කර තිබූ බස් රථයක් , පසු කර යාමට උත්සාහ කළ තවත් බස්රථයක් එහි ගැටී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සදහා අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.