COLOMBO (News 1st) : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.
මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ, කැබිනට් පත්‍රිකාව සහස් කළේ ඉන්දියාවෙන් බවට තමාට බරපතළ සැකයක් ඇති බවයි.
"මැයි මාසේ 28 වෙනිදා කොළඹ වරායේ ජැටිය වික්කා. ඉන්දියානු සහ ජපාන කියන රටවල් සම්බන්ධව.මා මේ සමග හැන්සාඩ් කරනවා ගරු සභාපතිතුමනි 2019 මැයි මාසේ 24 වෙනිදා මිනිස්ට්‍රි ඔෆ් පෝට්ස් ඇන්ඩ් ෂිපින් ඇන්ඩ් සදර්න් ඩිවෙලොප්මන්ට්. ඒකෙන් දාපු කැබිනට් මෙවරන්ඩම් එක. මැයි 24 සිකුරාදා දවසක්. මැයි 25 සෙනසුරාදා. මැයි 26 ඉරිදා. මැයි 28 වෙනිදා තමයි අත්සන් කරේ ගිවිසුම්. මා දන්නා තරමින් මේ කැබිනට් මණ්ලයේ 24 සිකුරාදා දාපු කැබිනට් පත්‍රිකාවක්. කිසිම ඇමතිවරයෙක් සෙනසුරාදා ඉරිදා මේවා බලන්නේ නැ. කිසිම ඇරතිවරයෙක්ට තමන්ගේ ලේකම්වරු කැදවලා මේ සම්බන්ධ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න වෙන්නේ නෑ.මටත් බරපතල සැකයක් තියෙනවා සභාපතිතුමනි මේ කැබිනට් පත්‍රිකාව හැදුවෙත් ඉන්දියාවෙන්ද? අපි කැබිනට් පත්‍රිකා හදනකොට රාජ්‍ය ලේකන සම්පාදනයේදි යම්කිසි අනුගමනය කරන සමාන්‍යය භාෂාවක් තියෙනවා. ඒ අනුව මේ කැබිනට් පත්‍රිකාවේ ඉන්දියන් අගමැතිතුමා සදහන් කරල තියෙනවා මෙහෙම (හිස් එක්සලන්සි ප්‍රයිම් මින්සටර් ඔෆ් ඉන්දියා ශ්‍රී නරේන්ද්‍ර මෝදි ) මේක විදේශ අමාත්‍යංශයෙන් සකස් කරා නම් මට හිතන්න පුළුවන් සමහර විට ශ්‍රී වගේ එකක් එන්න තියෙනවා. මං හිතනවා මේ කැබිනට් පත්‍රිකාව හදලා එව්වෙ ඉන්දියාවෙන්මයි කියලා."
ඔහු වැඩිුදරටත් පැවසුවේ, රටේ ජාතික සම්පත් විකුණා දැමීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි.
"ඊළගට මේ මෙමරන්ඩම් ඔෆ් කෝපරේෂන් කියන එක. මං මේක හැන්සාඩ් ගත කරනවා ඔබතුමාගේ අවසරය මත.මෙමරන්ඩ්ම් ඔෆ් කෝපරේෂන් ෆො ද ඩිවෙලොප්මන්ට් ඔෆ් ද කළම්බු සදර්න් පෝට් ශ්‍රී ලංකා අර්මන් ද ගවර්මන්ට් ඔෆ් රිපබ්ලික් ඔෆ් ඉන්දියා.ඊළගට තමයි තියෙන්නේ ද ගවර්න්මන්ට් ඔෆ් ද ඩිමොක්ක්‍රටික් සෝෂල් පබ්ලික් ඔෆ් ඉන්දියා ඇන්ඩ් ද ගවර්මන්ට් ඔෆ් ජැපෑන්. ලංකාවයි ජපානයයි ගිහිල්ලා ඉන්දියාවේ එකක් ගන්නවද මේ.නැත්නම් ඉන්දියාවයි ජපානයයි එකතු වෙලා ලංකාවේ එකක් කරනවද? ගිවිසුමක් අතසන් කරද්දි සභාපතිතුමනි අපේ රටේ දෙයක් අනිවාර්යයයෙන්ම අපි ලියන්නේ අපේ රටේ නම ඉස්සෙල්ලා.අනික මේක අපේ රටේ වරාය. මට බරපතල සැකයක් තියෙනවා මැයි 24 වෙනිදා ඉන්දියාවේ ඡන්ද ගණන් කරන්න පටන් ගත්තේ මැයි 23 වෙනිදා.මැයි 24 වෙනකොට සමාන්‍යය රිසාල්ට් අවුට් වෙලා තේරෙනවා බී ජී එෆ් එක දිනන්න යනවා කියලා.ඒ නිසා ඉන්දියාවෙන්ම මේ ඩොකියිමන්ට් එක හදලා එව්වා.මං දන්න කරමින් 28 තමයි කැබිනට් මණ්ඩලය රැස් වුණේ. 28 ම තමයි මේක අත්සන් කළේ.තමන්නාන්සේලා මේ රටේ ජනතාවට අද ජනවරම සහමුලින්ම පාවා දීල සහමුලින්ම මේ රට රටේ පාලනය අත් හැරලා රටේ ජාතික සම්පත් විකුණන්න තමුන්නාන්සේලට අයිතියක් නෑ.."
මේ අතර අනුර දිසානායක මන්ත්‍රීවරයා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳව මීට පෙර විමසූ ප්‍රශ්ණ වලට විෂයය භාර අමාත්‍යවරයාගේ පිළිතුරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මේ අතර ජනතා කැමැත්ත නොමැතිව, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව අටවාගන්න ලද ආණ්ඩුවක් විසින් ජනතාවගේ සම්පත් ඉතාම කුණු කුල්ලයට සහ ඉතාම අවාසනාවන්ත කොන්දේසි මත පැවරීම කිසිසේත්ම අනුමත නොකරන බවයි
අනුර දිසානායක මන්ත්‍රීවරයා අද ඉල්ලා සිටියේ මෙම කරුණු සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් කැදවන ලෙසයි.
https://www.youtube.com/watch?v=KSRtfvRQTCA