ධීවර ප්‍රජාවට සැලකිලිමත් වන්නැයි, දැනුම්දීමක්

ධීවර ප්‍රජාවට සැලකිලිමත් වන්නැයි, දැනුම්දීමක්

by Staff writer 07-06-2019 | 5:15 PM
(News 1st) : පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් මීටර් 3 ත් දක්වා ඉහළ යා හැකි බවයි. මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් මෙන්ම ආසන්න වෙරළබඩ ප්‍රදේශවල ජනතාවගෙන් ද ඉල්ලීමක් කරයි.