by Staff writer 07-06-2019 | 10:13 PM
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, අද පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූවා ය.
නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරාපත් කර ගැනීමට ඉඩ සළසමින් තමා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ඇය ප්‍රකාශයට පත්කළේ පසුගිය මැයි 24 වැනිදායි.
ඒ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තෙවරක් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙනි.
තෙරේසා මේ, පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුව ද, නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරාපත්කර ගන්නා තුරු ඇය වැඩබලන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ඇති.
ඇය අද ඉල්ලා අස්වීමත් සමඟ ලබන 10 වැනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වය සදහා නාම යෝජනා කැඳවීමට සැලසුම් කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවන දේශපාලනඥයින්ගේ ලැයිස්තුවට, එරට වත්මන් විදේශ ලේකම් ජෙරමි හන්ට්, හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් ඇතුළු සිව්දෙනෙකු ඇතුළත් වෙති.