by Sagarika Chathumali 07-06-2019 | 5:44 PM
COLOMBO (News 1st) : ඩුබායි රාජ්‍යයේ ෂීක් මොහොමඩ් බින් සෙයිද් මාර්ගයේ සිදු බස් අනතුරකින් විදේශිකයින් ඇතුළු මගීන් 17 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මාර්ග සංඥා පුවරුවක ගැටීමෙන් සිදුව ඇති මෙම අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
තව ද ජීවිතක්ෂයට පත්වූවන් අතර ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු ද සිටින බවට අදාළ විදෙස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 31දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර 50 හැවිරිදි රියැදුරුට සුළු තුවාල සිදුව තිබේ.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.