by Staff writer 07-06-2019 | 7:02 PM
COLOMBO (News 1st) : ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමට ඇති සීමා පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා යැවූ ලිපිය කථානායකවරයාට ලැබී තිබේ.
කථානායක කාර්යාලය පැවසුවේ, කථානායකවරයා අදාල ලිපිය අධ්‍යයනය කරමින් සිටින බවයි.
1955 අංක 32 දරණ නිල රහස් පනත අනුව ආරක්ෂක රහස් තොරතුරු හා ලේකන කිසිදු පාර්ශ්වයක් අතට පත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඊයේ කථානායකවරයාට යැවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.
එවැනි තොරතුරු ලබාගැනීමට අයිතියක් නැති අයෙකු ඒවා ළඟ තබා ගැනීම ද පනත අනුට දඩුවම් ලැබිය හැකි වරදකි.
විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ, රාජ්‍ය බුද්ධි අංශය පමණක් සතුව පැවතිය යුතු තොරතුරු, කිසිවෙකු විසින් නිල බලයක් නොමැතිව ලබා ගැනීම හෝ හෙළි කිරීම වසර 14 ක සිරදඬුවමක් හෝ රුපියල් විසිදහසක දඩයකට යටත් කළ හැකි වරදක් බවයි.
මෙම කරුණු ඉක්මවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරමින් රාජ්‍ය බුද්ධි තොරතුරු හෙළිදරව්වීම රටේත් , ජනතාවගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් නිර්මාණය වීමට හේතුවිය හැකි බවට මන්ත්‍රීවරයා කථානායකවරයාට යැවූ ලිපියෙන් අනතුරු අඟවා තිබේ.