යාපනයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්

යාපනයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්

by Sagarika Chathumali 06-06-2019 | 6:30 AM
COLOMBO (News 1st) : ධීවරයින් දෙදෙනෙකු සමග යාපනය කරෙයිනගර් ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, යාත්‍රාව සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. මේ අතර පසුගිය 26 වන දා පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ධීවරයින් පස්දෙනා ඉදිරි සතිය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසී ය. ඊට අමතරව ඉන්දීය ආරක්ෂ අංශ භාරයේ සිටින මෙරට ධීවරයින් 30 දෙදෙනා ද, ඉදිරි සතිය තුළ දිවයිනට පැමිණීමට නියමිතයි.