සංචාරක තහනම ලිහිල් කෙරේ

බ්‍රිතාන්‍ය මෙරටට නිකුත් කළ සංචාරක තහනම ලිහිල් කෙරේ

by Staff writer 06-06-2019 | 6:23 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සංචාරය අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් සීමා කරන මෙන් බ්‍රිතාන්‍ය නිකුත් කර තිබූ සංචාරක උපදෙස ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අවධානයෙන් සිටින ලෙසත් වර්ධනය වන තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් එරට රජය සිය රට වැසියන්ට නිකුත් කළ නිවේදනයක දැක්වේ.