ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට අවසර

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට අධිකරණයෙන් අවසර

by Staff writer 06-06-2019 | 4:34 PM

COLOMBO (News 1st) - පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති වන ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට ලබන ජූලි පළමු වැනිදා සිට අගෝස්තු 7 වැනි දා දක්වා ඉන්දියාවට සහ කැනඩාවට යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද අවසර ලබාදී තිබේ.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, මේ වන විට අධිකරණය භාරයේ පවතින ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 10 ක ඇප බැඳුම්කරයක් මත මුදා හැරීමටයි. සැකකාර ඇලෝසියස් මහතාට ව්‍යාපාර කටයුතු කිහිපයක් සඳහා විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළා ය.