ශාන්ත තෝමස් විදුහලට එංගලන්තයේදී ක්‍රිකට් ජයක්

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එංගලන්තයේදී 20යි 20 ක්‍රිකට් ජයක්

by Staff writer 06-06-2019 | 6:00 PM

COLOMBO (News 1st) - ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරයේදී ඊට්න් විද්‍යාලය සමග පැවැති පන්දුවාර 20 යි 20 තරගයෙන් ජය ගෙන තිබේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ තරග සංචාරයක නිරත වනු ඇති. ඔවුන් එහිදී එංගලන්තයේ ඊට්න් විදුහල් කණ්ඩායම සමග පන්දුවාර 20 යි 20 තරගය ජය ගත්තේ කඩුලු 2 කිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඊට්න් විදුහල් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 67 කට දැවී ගිය අතර ඩෙලොන් පීරිස් ලකුණු 11 ට කඩුලු 4 යි. පන්දුවාර 16 යි පන්දු 4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ශාන්ත තෝමස් කණ්ඩායම තරගය ජය ගත්තේ ය. නායක සිතාර හපුහින්න ලකුණු 24 ක් රැස් කළ අතර රයන් ප්‍රනාන්දු ලකුණු 21 යි. ක්‍රිකට් නීති පිළිබඳ ජ්‍යෙෂ්ඨයෙකු වන මාක් විලියම්ස් මෙම තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ අතර ශාන්ත තෝමස් කණ්ඩායමේ දක්ෂතා සහ හැසිරීම ඔහුගේ ඇගයීමට ලක්විය. මේ අතර ශාන්ත තෝමස් විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු සහ ඊට්න් විදුහල් පාලන සභාවේ හිටපු සාමාජිකයෙකු වන ජෝන් පඩිෆුට් පූජකවරයා ද මෙම තරගය නැරඹීමට පැමිණ සිටියහ.