home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එංගලන්තයේදී 20යි 20 ක්‍රිකට් ජයක්
by Staff writer
06-06-2019 | 6:00 PM
COLOMBO (News 1st) - ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරයේදී ඊට්න් විද්‍යාලය සමග පැවැති පන්දුවාර 20 යි 20 තරගයෙන් ජය ගෙන තිබේ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ තරග සංචාරයක නිරත වනු ඇති. ඔවුන් එහිදී එංගලන්තයේ ඊට්න් විදුහල් කණ්ඩායම සමග පන්දුවාර 20 යි 20 තරගය ජය ගත්තේ කඩුලු 2 කිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඊට්න් විදුහල් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 67 කට දැවී ගිය අතර ඩෙලොන් පීරිස් ලකුණු 11 ට කඩුලු 4 යි. පන්දුවාර 16 යි පන්දු 4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ශාන්ත තෝමස් කණ්ඩායම තරගය ජය ගත්තේ ය. නායක සිතාර හපුහින්න ලකුණු 24 ක් රැස් කළ අතර රයන් ප්‍රනාන්දු ලකුණු 21 යි. ක්‍රිකට් නීති පිළිබඳ ජ්‍යෙෂ්ඨයෙකු වන මාක් විලියම්ස් මෙම තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ අතර ශාන්ත තෝමස් කණ්ඩායමේ දක්ෂතා සහ හැසිරීම ඔහුගේ ඇගයීමට ලක්විය. මේ අතර ශාන්ත තෝමස් විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු සහ ඊට්න් විදුහල් පාලන සභාවේ හිටපු සාමාජිකයෙකු වන ජෝන් පඩිෆුට් පූජකවරයා ද මෙම තරගය නැරඹීමට පැමිණ සිටියහ.
වෙනත් ලිපි
ආසියානු පිටිය ජය ගන්න, රුමේෂ් ජපානයට..
ශ්‍රී ලංකාවට එරෙහිව, එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක්
එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්...
රුමේෂ්ගේ හෙල්ල කට්ටලයට හානි වූයේ කෙසේද?
ආසියානු කුසලාන T20 කාන්තා ක්රිකට්ශූරතාව ඉන්දියාවට
රුමේෂ් තරංගට තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක්...
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය