by Staff writer 06-06-2019 | 5:17 PM
COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.
ඒ, අද දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රීයානි විජේවික්‍රම, මොහාන් ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී.
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමග පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළඹීමටත් එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මගින් ජනාධිපතිතුමාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.