by Staff writer 06-06-2019 | 6:38 AM
COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද පෙරවරුවේ පැමිණියහ.
මීට පෙර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ හා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්හ.
සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත අදාළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතායි.