වසර 6ක් තුළ විදුලිසැර නිසා වූ මරණ 50%කින් පහළට

පසුගිය වසර 6 තුළ විදුලිසැර වැදීම්වලින් සිදු වූ මරණ සංඛ්‍යාව 50% කින් පහළට

by Staff writer 05-06-2019 | 6:07 PM

COLOMBO (News 1st) - පසුගිය වසර 6 තුළ විදුලිසැර වැදීම්වලින් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව 50% කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ, 2012 විදුලිසැර වැදීම් හේතුවෙන් පුද්ගල මරණ 186 ක් වාර්තා වූ බවයි. 2018 වසරේදි එම සංඛ්‍යාව 89 ක් දක්වා අඩුවී තිබේ. පසුගිය කාලයේ විදුලි බල ආරක්ෂණය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ගත් විවිධ ක්‍රියාමාර්ග මෙම මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හේතු වූ බව එම නිවේදනයේ සඳහන් විය. කෙසේ වෙතත් ජාත්‍යන්තර ආදර්ශ අනුව ජනගහනයේ අනුපාතයක් ලෙස විදුලිසැර වැදීම්වලින් සිදුවන මරණ සංඛ්‍යාව දශ ලක්ෂකට එකක් දක්වා අඩු කළ යුතු වේ. මේ වනවිට මෙරට පවතින්නේ එය දශ ලක්ෂයකට පහක් ලෙසයි.