ප්‍රදේශ රැසකටම වැසි ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි

නැගෙනහිර ද ඇතුළුව ප්‍රදේශ රැසකට ම අද වැසි ඇතිවිය හැකියි.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 05-06-2019 | 9:10 AM

COLOMBO (News 1st) – සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව සහ පළාත්වල ඇතැම් ප්‍රෙද්ශවලට මිලි මීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ නිරිත දිග මෝසම ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් තවදුරටත් දිවයිනේ නිරිත දිග කෙටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් පවතින බවයි. අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළා. ඔහු සදහන් කළේ දිවයින වටා මුහුදු ප්‍රදේශවලද තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. විශේෂයෙන්ම අකුණුවලින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට සැළකිල්ලෙන් ක්‍රියා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.