by Staff writer 05-06-2019 | 8:37 PM
COLOMBO (News 1st) - අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී සිටි.
සහකාර රාජ්‍ය ලේකම් ක්ලාර්ක් කූපර් මහතා මෙරටට පැමිණියේ පසුගිය 02 වැනි දායි.
ඔහු මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති අතර ඉහළපෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කර තිබේ.
සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ට්විටර් ගිණුමේ දැක්වුනේ, උතුරු නැගෙනහිර සංචාරයක කළ අවස්ථාවේ යුද සමයේ ආපාදාවට පත් වූ ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සොයා බැලූ බවයි.
නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රසිංහ මහතා සමග ද ඔහු සාකච්ඡා කර ඇත.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පුහුණු යුද අභ්‍යාස පිළිබඳව සාකච්ඡා කළ බව කූපර් මහතාගේ ට්විටර් ගිණුමේ සඳහන් විය.
කූපර් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද හමු වී තිබේ.
අමෙරිකානු දේශපාලන හා යුදමය කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආර්. ක්ලාක් කූපර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ සිංගප්පූරුවේ පැවති ෂැංග්‍රිලා කථිකාව නමැති සමුළුවට සහභාගිවීමෙන් පසුවයි.
ඉන්දු පැසිෆික් කලාපීය නිදහස් පිවිසුම පිළිබඳව මේ සමුළුවේදී සාකච්ඡාවී තිබුණි.