වර්ෂාවත් සමග ඩෙංගු, හිස එසවීමේ අවදානමක්.

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක්.

by Staff writer 05-06-2019 | 9:05 AM

COLOMBO (News 1st) –  වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ කොළඹ , ගම්පහ, කළුතර , රත්නපුර, හා ගාල්ල දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. වසරේ මේ දක්වා කාලය තුළ, දිවයින පුරා ඩෙංගු රෝගීන් 19000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ද ඇය සඳහන් කළා. වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කළේ ඩෙංගු රෝගයෙන් වැළකීම සදහා අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි.