by Staff writer 04-06-2019 | 11:53 AM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට විත්තිය කළ ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, අගෝස්තු 9 වන දා සිට නඩුව විභාගයට ගැනීමටයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ මොහිදින් කාජා මොහොමඩ් සාහීර් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
ඒ 2010 - 2015 වකවානුව තුළදී සතොස සේවකයින් 153 දෙනෙකු නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි 4 කට අධික පාඩුවක් කළ බවට චෝදනා කරමිනි.