by Staff writer 04-06-2019 | 10:08 PM
COLOMBO (News 1st) - මුස්ලිම් ජන කොට්ඨාසය ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වල ශ්‍රී ලංකාවේ ඇති මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, මේ ප්‍රචණ්ඩ ක්‍රියා කලාපීය සහ ගෝලීය ආරක්ෂාව කෙරෙහි බලපෑම් කරනු ඇති බවටයි.
එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මුස්ලිම් ජනතාව සහ ඇතැම් මුස්ලිම් සරණාගතයින්ගේ ආරක්ෂාව පිළිබඳව එල්ල වූ තර්ජන පිළිබඳව කනගාටුවට පත් වන බව ද ඔවුන් පවසති.
ශ්‍රී ලංකාවේ ඈත ගම්මානයක සිදුවන ඉතා කුඩා සිදුවීමක් පවා අන්තර්ජාලය ඔස්සේ දැවැන්ත සිදුවීමක් ලෙස හුවා දක්වමින් කෙරෙන ප්‍රචාරයක් මහා ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කිරීමේ අවදානමක් ඇති කරන බව ද එම ප්‍රකාශයේ සඳහන් විය.
මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වමින් නිසි පියවර ගන්නා ලෙස ඔවුන් සිය ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි.