by Staff writer 04-06-2019 | 5:56 PM
COLOMBO (News 1st) - අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව නඩුව විභාග කරන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලෙන් එක් විනිසුරුවරයෙකු අද ඉවත් විය.
පෞද්ගලික හේතු දක්වමින් එලෙස ඉවත් වුයේ, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතායි.
ජනක් ද සිල්වා මහතා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණි.
ඒ අනුව නව විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා නඩු ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා හමුවට ඉදිරිපත් කර තිබේ.
නඩුව ලබන 14 වැනි දා කැඳවීමට නියමිතයි.