පැමිණිලි භාර ගන්න ත්‍රිපුද්ගල කමිටුවක්

රිෂාඩ්, අසාද්, හිස්බුල්ලා ගැන පැමිණිලි භාර ගන්න ත්‍රිපුද්ගල කමිටුවක්

by Staff writer 04-06-2019 | 4:21 PM

COLOMBO (News 1st) - එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතයි. ඒ අනුව අදාළ පැමිණිලි අද සිට ලබන 12 වන දා දක්වා පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා පැමිණිලි භාර ගනු ඇති. සෑම පැමිණිල්ලක්ම ලිඛිතව භාරදියයුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.