රාජ්‍ය සේවකයින්ගේ ඇඳුමට අදාළ චක්‍රලේඛයට සංශෝධනයක්

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුමට අදාළ චක්‍රලේඛයට සංශෝධනයක්

by Staff writer 04-06-2019 | 10:17 AM
COLOMBO (News 1st) : රාජ්‍ය නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණෙන්නැයි දන්වා නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පසුගිය සිකුරාදා පැවසුවේ, රාජ්‍ය නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බවයි. රාජ්‍ය සේවයේ නිලධාරින් කලිසම , කමිසය හෝ ජාතික ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළයුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයේ දැක්විණ. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ, එම චක්‍රලේඛය යළි සංශෝධනය කර ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි. මේ වන විට එම කටයුතු සිදුකරමින් ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.