මඩකලපුවේ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

මඩකලපුවේ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

by Staff writer 04-06-2019 | 1:40 PM
COLOMBO (News 1st) : මඩකළපුව කරදියනාරු, කායන්කුඩා ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. යතුරු පැදියක් දිවියෙකුගේ ගැටී, මාර්ගයෙන් ඉවතට පැන විදුලි සංඥා කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ, චෙන්කලඩි, කනපතිනගර් ප්‍රදේශයේ පදිංචි 19 හා 20 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.