21 ප්‍රහාරයට පසු මෙහෙයුම්වලින් 2289 ක් අත්අඩංගුවට

21 ප්‍රහාරයට පසුව කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් 2289 දෙනාගෙන් 211 දෙනෙකු රැඳවුම් භාරයට

by Staff writer 03-06-2019 | 5:29 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 2289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ අතුරින් 1655 දෙනෙකු ඇප මත මුදා හැර සිටින බවයි. 423 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර 211 දෙනෙකු රැඳවුම් භාරයට පත් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.