සහල් වර්ග 03 ක් සඳහා පාලන මිලක්

සහල් වර්ග 03 ක් සඳහා පාලන මිලක්

by Staff writer 03-06-2019 | 5:10 PM

COLOMBO (News 1st) - සහල් වර්ග 03 ක් සඳහා පාලන මිලක් පනවා තිබේ.

ඒ, පසුගිය 31 වැනි දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි. ඒ අනුව සුදු සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කි. සුදු නාඩු කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 ක් වේ. රතු නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල සටහන් වන්නේ, රුපියල් 74.00 ක් ලෙසයි. ඉහත මිල ගණන්වලට යටත්ව සහල් අ‍ළෙවි නොකරන වෙළෙන්ඳන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ පිළිබඳ පැමිණිලි 1977 ක්ෂණික දුරකතන අංකයට ලබාදිය හැකිය.