රතන හිමි සිව් වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවේ

රතන හිමි සිව් වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවේ

by Staff writer 03-06-2019 | 7:17 AM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද සිව්වැනි දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවේ නිරතව සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම සත්‍ය ග්‍ර‍හයේ නිරත වන්නේ මනුවර ශ්‍රී දළඳා මාලිගය ඉදිරිපිටදියි. කොළඔ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ද අද උදෑසන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට පැමිණියහ. මේ අතර, අලුයම සිටම මහා සංඝරත්නය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඇතුළු විවිධ පාර්ශ්ව රතන හිමියන් බැහැ දැකීමට පැමිණි බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. උන්වහන්සේ මෙම සත්‍ය ක්‍රියාව ඇරඹුවේ ආණ්ඩුවේ තනතුරු හොබවන කිහිප දෙනෙකු එම ධුර වලින් ඉවත් කරන්නැයි ඉල්ලමිනි. ජීවිත පූජෝපහාර අඛණ්ඩ සත්‍යක්‍රියාව ලෙස නම් කර ඇති මෙය ආරම්භ කෙරුණේ, පසුගිය 31 වනදායි.