බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

ද. අප්‍රිකාව සමග තරගයෙන් බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

by Staff writer 03-06-2019 | 6:27 AM
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙවර ලෝක කුසලානයේ පස්වන තරගය ලෙස පැවති මෙම තරගය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගත් දකුණූ අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉණිම අරඹමින් ටම්මි ඉක්බාල් සහා සෞම්‍ය සාකර් පිටියට පිවිසියහ. ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ඉණිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 60කි. ටමිම් ඉක්බාල් ලකුනූ 16 ක් රැස් කළ අතර සෞම්‍ය සාකර් ලකුණු 42 ක් රැස් කළේ ය. අනතුරුව පිටියට පිවිසි ශකීබ් අල් හසන් සහා මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ ඉණිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 142 කි. එය වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලා ඉතිහාසයේ බංග්ලාදේශය වෙනුවෙන් ඕනෑ ම කඩුල්ලක් සඳහා ගොඩනැගු ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. එක්දින දිවියේ 43 වන අර්ධ ශතකය වාර්තා කළ ශකීබ් අල් හසන් ලකුනූ 75 ක් රැස් කළ අතර මොහොමඩ් මිතුන් ලකුණු 21 ක් රැස් කළහ. එක්දින දිවියේ 34 වන අර්ධ ශතකය වාර්තා කළ මුශ්ෆිකර් රහීම් ලකුණූ 78 ක් රැස් කළ අතර මොසැඩ්ඩෙක් හූසේන් ලකුණු 26 යි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොහොමඩ් මහමුදුල්ලා ලකුනූ 46 ක් රැස් කළේ ය. බංග්ලාදේශ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත් ලකුණූ සංඛ්‍යාව 330 කි. එම ලකුණූ සංඛ්‍යාව වාර්තා අතරට එක්වුනේ ලෝක කුසලාන ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. පන්දු යැවීමේදී ඇන්ඩිල් ෆිලෙක්වායෝ , ක්‍රිස් මෝරිස් සහා ඉම්රාන් ටහීර් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියහ. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණූ අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 309 ක් පමණි. ක්වින්ටන් ඩි කොක් ලකුණූ 23 ක් රැස් කළ අතර එයිඩන් මාක්රම් ලකුණු 45 ක් රැස් කළහ. එක්දින දිවියේ 33 වන අර්ධ ශතකය වාර්තා කළ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණූ 62 ක් රැස් කළ අතර ඩේවිඩ් මිලර් ලකුණු 38 ක් සහා රසී වැන්ඩර් ඩසන් ලකුණු 41 යි. ජේ පී ඩුමිනි ලකුණූ 45 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී මුස්ටෆිසර් රහමාන් කඩුලු 3 ක් දවා ගත් අතර මොහොමඩ් සයිෆූඩීන් කඩුළු 2 ක් දවා ගත්හ.