ගෝඨාභය ගැන නීතිඥවරුන් අධිකරණයට කළ දැනුම් දීම

ගෝඨාභය රාජපක්ෂ තව දුරට ත් විදෙස්ගතව සිටින බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 03-06-2019 | 10:27 PM
COLOMBO (News 1st): විදේශගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරට ත් විදෙස්ගතව සිටින බව නීතිඥවරුන් අද අධිකරණයට දැනුම් දුන්නේය. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ ගනුදෙනු පිළිබඳ නඩුව අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දැනුම් දුන්නේ රාජපක්ෂ මහතා වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ කිහිපයක් සඳහා තව දුරට ත් විදේශගතව සිටින බව ය. පසුගිය 24 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වූයේ අධිකරණයේ අවසරය ඇතිවයි. ඔහු ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය පෙර නියම කළ පරිදි ලබන 19 වැනිදා ආරම්භ කරන්නේ ද නැත්ද යන නියෝගය එදින නඩුව කැඳවූ පසුව නිකුත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දැනුම් දුන්නේය. මෝසමක් ඉදිරිපත් කරමින් එම නඩුව කැඳවා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ කරුණු දැන්වීම සළකා බැලූ අධිකරණය ඉදිරියේදී රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති නීතිඥවරයාට නියෝග කළේය.